Thursday, August 28, 2025

v ජයග්‍රහණය සදහා ගත් වෙහෙස.

“ජාතික ජන බලවේගය” පසු ගිය මැතිවරණ වලදී ලබා ගත් අති විශාල ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස දැරූ, මුදල් වැය කලා වූ, කාලය හා දැනුම බෙදා ගැනීමෙන් දායක වූ විශාල පිරිසක් අප අතර සිටිති. ඔවුන් අතරින් සමහරෙක් සහාය දුන්නේ විදෙස් ගතව සිටිමිනි. මේ සියල්ලෝ අදටත් තමන් ගත් තීරණය ගැන ආඩම්බර වෙනවා නිසැකය.

 මේ හැමෝම ජා.ජ.බ. නැමති දේශපාලන ව්‍යාපාරයේ උපත සහ එහි විකාශනය පිලිබදව අවබෝධයක් තමන් සතුව ඇත්දැයි මම නොදනිමි.

එම අතීතය දන්නා කෙනෙක් එම තොරතුරු සැම දෙනාගේ අවබෝධය සදහා බෙදා ගන්නේ නම්, එය ඉතා ප්‍රයෝජනවත් වනවා නොවනු මානය. එම ඉතිහාසය පිලිබදව දැනුවත්වීම එහි අනාගත වර්ධනය සදහා ඉතා වැදගත් යයි මම සිතමි.

 v ජා.ජ.බ. ආරම්භක අරමුණ.

මම දන්නා තරමට එම උපත ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ තුලයි. එහි ආරම්භය සදහා ජේවීපීය විවිධ පුද්ගලයන් සහ ජනතා සංවිධාන නියෝජිතයින් සමග මුලික සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ බව මම දනිමි. එහි ප්‍රතිපලයක් වශයෙන් සංවිධාන 20 පමණ එක්ව ජා.ජ.බ. උපත ලැබූහ.    

 එහි උපත ගැන සිතන කොට මගේ මතකය ඇදී යන්නේ ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ ආරම්භක මහා රැස්වීමක් වෙතයි. එය පැවැත්වුයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී යි. එම අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක මහතා පැවත් වූ කතාවේ කොටසක් මගේ සිතේ රැඳී තිබේ. එතුමා මෙවන් අදහසක් ප්‍රකාශ කලා.     

 “ලාංකික සමාජය තුල වෙනසක් ඇති කිරීමට බොහෝ අය කටයුතු කරනවා. එම අරමුණට ඒ හැමෝම එකට එක්ව යාමට ජාතික ජන බලවේගය තුල අවකාශයක් නිර්මාණය කිරීම වැදගත්”. එම අදහස සමග ජා.ජ.බ බිහිවීම, දූශිතයන් පරාජය කිරීම හා ජා.ජ.බ ලැබූ ජයග්‍රහණය ගැන විශාල සතුටක්. ජේවීපීය එවැනි සංකල්පයකට පණ දීම අගය කල යුතුයි.

 v ජේවීපී නොවන මාලිමාවේ බහුතරය.  

පසුගිය සිද්ධි මාලාව ගැන බලන කොට කාටත් පැහැදිලි එක් දෙයක් නම් ජා.ජ.බ බලයට ගෙන එන්න කැපවු විශාල පිරිස ජයග්‍රහණයෙන් පසුව හෝ ජෙවීපී එකේ සාමාජිකත්වය ලබා නොගැනීමයි. ජේවීපී යෙන් හෝ අන් අයට ජේවීපී වන්නට කැදවීමක් නොතිබුණි.      

 ජේවීපී නොවන සෙසු අය රටේ පාලනය සදහා ජා.ජ.බ තෝරා ගෙන සහ අනුර ගේ නායකත්වය පිළිගෙන සන්ධාන ගතව, ජා.ජ.බ ආණ්ඩුවේ කොටස් කරුවන් වී, තම තමන්ගේ අනන්‍යතාවයන් සමග ජා.ජ.බ තුල ක්‍රියා කරති.

දෙගොල්ලම ස්වාධීනව කටයුතු කරන්නට තීරණය කරන්නේ, තම තමන්ට ආවෙනිකවූ දර්ශනයන්, දුත කාර්යන්  සහ ක්‍රම වේදයන් තිබූ බව තේරුම් ගත් බැවිනි.  

 v ජේවීපී නොවන ජා.ජ.බ බහුතරය

නමුත්, ජා.ජ.බ බහුතරය ජේවීපී නොවන පිරිස අසංවිධාත්මකයි. තමන්ගේ අනන්‍යතාවය අනුව තම දූත මෙහෙවර පිලිබදව සංවේදීතාවයකින් ක්‍රියාකරන බවක් දකින්නට නැත. තමන්ට ආවේනික වූ වගකීම් හඳුනාගෙන, ක්‍රියාත්මක කරමින්, එම දේශපාලනයේ අභියෝග ජය ගන්නට සාමුහික ක්‍රියාකාරිත්වයක් ඔවුන් තුල නැත. 

 කෙසේ වෙතත් මොවුහු බොහෝ දෙනෙක් උගත්, අත්දැකීම් ඇති පිරිසකි. රටේ අනාගතය පිලිබදව දැක්මක් ඇති පිරිසකි. ඔවුන්ට ඇත්තේ වෙනම අනන්‍යතාවයකි. අනුගමනය කරන්නේ ඔවුන්ට ආවේනිකවූ ක්‍රමවේදයන්ය. ඔව්හු සහභාගිත්වයේ ක්‍රමවේදය වඩා ප්‍රියකරති. Top down ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරයි.

මෙලෙස අනන්‍යතාවයන් දෙකක් මතුවී ඇති බැවින් ජේවීපී සහ නොවන කොටස් දෙක අතර ගැටළුවක් පවතී. සෑහෙන පිරිසකට දැන් එම තත්වය දැනෙන්නට පටන් ගෙන තිබේ.                      

එ් නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට බොහෝ පිරිසකගේ නිර්මාණශීලී දායකත්වය අහිමි වෙමින් පවතී. ආණ්ඩුවට බහුතරයේ   පෝෂණය නොලැබී යයි. ජා.ජ.බ. එම පිරිසගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමට ක්‍රමවේදයක් ද නැත. එම තත්වය යටතේ පොදු විපක්ෂය වාසි ලබයි.

බහුතරය පාලනයට හවුල් කර නොගන්නේ නම්, ප්‍රතිඵත්ති සැකසීමේදී සහ තීන්දු තීරණ ගන්නා විටදී ඔවුන්ව නොතකා හරින්නේ නම් සහ බලවත් පාර්ශය විසින් ඔවුන්ව මග හැර යන්නේ නම්, එක් අතකින් ආණ්ඩුව එම බහුතරය නිකමුන් බවට පත්කරයි. ආණ්ඩුවක් යම් ජන කොටසක් නිකමුන් කරන්නේ නම් එය බරපතල වරදක් වනු ඇත. එය මනුෂ්‍යත්වයට කරණ නිගාවකි. අනුර කුමාරගේ “පුනරුද” දැක්මට එරෙහි වීමකි. එබැවින් ආණ්ඩුවේ වගකීම වන්නේ ජනතාවගේ නිර්මාණ ශක්තීන් ගොඩ නැගෙන වාතාවරණයක් සැකසීමය. 

අනික් අතට එයින් සිදු වන්නේ ඔවුන් ජා.ජ.බ බලවත් පාර්ශවයේ යටත් වැසි පිරිසක් බවට පත් වේ. තවද, පාලකයින් ඉබේටම ප්‍රභූ පංතියක් බවට පත්වනු ඇත. එයින් සිදුවන්නේ බහුතරය තුල කලකිරීම් ඇති වීමයි. එම තත්වය රටට ඉතාමත් අවාසි සහගතය. එවිට ලැබූ එම ජයග්‍රහණය නඩත්තු කරන්නේ කව්ද?

අද වෙනකොට ග්‍රාමීය මට්ටමේ කිසියම් ජනතා ස්ථීර ක්රියාකාරිත්වයක් තිබේද? කොට්ටාස සභාවල තත්වය කුමක්ද? “සමුපාකාර” චන්දය ජය ගන්නවා හැරෙන්නට ග්‍රාමීය සංවර්ධනය සදහා ඉදිරි වැඩ පිළිවෙලක් සදහා ආරම්භයක ලකුණු ඔබ දකීද? ඒ සදහා ඉහලින් නිර්දේශ නොමැති නිසා ජනතා ක්‍රියාකාරිත්වයන් ඇනහිට ඇත.

v වෙනසක් අවශ්යවේ.   

අද සිදුවිය යුතු කාරණා කීපයක් අප ඉදිරියේ ඇත. ජා.ජ.බ සම්බන්ධ විවිධ කොටස් තමන්ගේ එකිනෙකාගේ අනන්‍යතාවය නිශ්චිත කර ගත යුතුවේ. සියලු දෙනා අනිකාගේ අනන්‍යතාවය පිළිගෙන ඊට ගරුකිරීම

සහ හදුනාගත් සීමාවන් තුල සිටිමින් පොදු අරමුණ සදහා ක්‍රියාකිරීමට ඉඩ සැලසිය යුතුය. සියලු දෙනා පොදු අරමුණ තකා තමන්ට පරිත්‍යාග කිරීම සුදානම් විය යුතුය. ජා.ජ.බ. සන්ධානයක් වන්නේ එවිටය.

එහි ආරම්භක අරමුණට විශ්වාසවන්ත වන්නේ එවිටය. එවන් තත්වයක් උදා කරගන්න ජා.ජ.බ. බලයට ගෙන එන්න වෙහෙසවූ අයම ඉදිරිපත් විය යුතුය.                   

A Response to the Critics of My Political Involvement as a Priest.  

1. Spiritual Integrity of the Priesthood

 

I have no doubt whatsoever that the priesthood is a sacred calling and for that matter all other callings are sacred as well. Yet, there may be a conflict between us as regards the understanding as to what sacredness is.  Some tend to think that what is sacred is only those activities done inside the four wall of the Church and anything done with people to promote their wellbeing outside the Church is less holy or not sacred at all.

 

2. Misalignment with Christ-Centered Mission

 

What is worldly and what is unworldly? Is working for justice, human rights, worldly and not sacred? How should one understand the last judgment in Mathew 25, where Jesus speaks of people who are hungry, thirsty, naked and those imprisoned and the entry into His Kingdom is guaranteed only to those who served the needs of such people.

 

Also, one can observe many other instances in the gospel, where Jesus asks his followers to do justice. I shall quote here two instances from Mathew.

  • “Blessed are those who hunger and thirst for righteousness [justice], for they shall be filled.” (Mt 5:6)
  • “Blessed are the merciful… the peacemakers… those persecuted for righteousness’ sake.” (Mt 5:7–10)

Let me also mention here one of the first sermons of Jesus. What did Jesus mean when he said in Mark 1:15“The time is fulfilled, and the kingdom of God has come near; repent, and believe in the good news”. Also, in Matthew 4:17“Repent, for the kingdom of heaven has come near.”

He meant that people ought to change their behaviour radically. He called them to turn away from acts of injustices, sin, selfishness and oppression of others.

3.Neglect of Theological Teaching and Pastoral Care

 

I am sad to note that many Christians believe in myths and are ignorant of the core teachings of Jesus. Their faith is not based on the teachings found in the bible.

The fault is not with the faithful but their teachers, priests and bishops. They preached about and promoted pious devotions while neglecting “kingdom values”.

5. Rejection of Political Allegiance

 

I have lived 50 years of my priesthood but did not engage myself in party politics until 2018. My role has been always struggling against inhuman economic policies which oppressed the poor and against the imposition of a model of development which caused displacement of people and violation of their rights.    

Moreover, the period we passed was an extreme situation, where people were forced to undergo immense suffering due to the corrupt practices of the ruling elite in the name of development and defending of the rights of the majority community. The end result of the process was a total collapse of the national economy.   

In such a situation, keeping silence or praying alone was not enough to meet the situation but demanded action against such a regime.  The circumstances led me to oppose the previous regime and bring the NPP to power. Yet at any moment I did not consider NPP my God.    

I did not also take this step to seek personal privileges or high places for myself, but only to defeat the evil forces which dominated during the recent past. Had I done so, that would have been an act against the values of His Kingdom and the sacredness of the priesthood.

 

Saturday, September 2, 2023

 By Fr. Sarath Iddamalgoda –

Fr. Sarath Iddamalgoda

I have come to realize that without a “System Change” there is no solution to the present day crisis. The prevalent system is established not to serve the interests of the masses in our land but to serve the self-interests of the greedy politicians. Hence such a system-change can happen only if a people-friendly political party takes over the reins of power in the country by dislodging those currently wielding power.

In my view, NPP is the party which can bring about the desired change at this time of history. My preference for the NPP over other parties as the agent of anticipated change is not because that it is the best political party but because it is the party that can be trusted more than others. Furthermore, it is my wish that it becomes more people based than now for the sake of the present and even future generation in our land.i

In my view, the way for NPP to become a better agent of change is by widening the space for people’s participation. The main reason why I was attracted to the NPP is not because of its capacity to capture political power but because of its vision to develop a “people’s movement” in the country. As such, what I wish to see in in the NPP is the development of more and more traits of a radical people’s movement within it.

In establishing the “Kottasa Saba” NPP has already provided a space for actualizing people’s participation in governance. However, one should not be complacent that the expected outcome will be automatically realized by mere establishment of such a structure unless steps are taken to empower those responsible for running such structures.

Such empowerment of the masses is an essential prerequisite for achieving the anticipated change. My suspicion is that the people who now rally round the NPP, would have been indoctrinated by ideologies contrary to that of the NPP unless people are ideologically conscienticized all efforts of the NPP can be counterproductive.

It is possible that such programmes for empowerment are already at work. More people will benefit if those experiences are shared with the others. There are other political groups as well which are trying to work out the concept of “People’s Councils”. Such efforts have to be appreciated because they are moving towards the same end.

Some of the activities that Kottasa Saba intends to introduce after acquiring power, can be worked out even prior to acquiring power. Let the Kottasa Sabas practice people’s power now itself to protect and conserve the resources of people, resources which the poor are already being deprived of.

Obviously, this is not an easy task. Therefore the NPP intellectuals, already at this stage, ought to intervene and empower those engaged in steering the grassroots processes.

For instance, Kottasa Saba can do a research on the natural resources available and as to what resources such as the Negombo lagoon, the sea and the coastal areas in the western province are being threatened by planned or unplanned and haphazard development activities. In such a context what is demanded of the emerging leadership is to initiate action to protect and conserve the resources available for the present and the next generation.

One of the grave challenges that every political party has is finding a solution to the national question. The major conventional parties handled the situation up to now by cooking up a story with which they hoodwinked both the Sinhalese and the Tamils.

NPP as a ‘people friendly’ party cannot follow the same path. It believes in the responsibility that has been undertaken to work for the well-being of all communities. In this regard I am aware that the NPP has already gone a long mileage. It has already visited several Tamil areas and held discussions with community representatives.

But in my view the difficult task of educating the mind of the Sinhala masses which has being polluted by the Sinhala power seeking politicians has not being sufficiently addressed.

May I suggest to the friends of NPP to engage themselves in a fruitful discussion on this matter.

Thursday, August 31, 2023

 ජනතා අපේක්ෂාව

අද වනවිට ජනතා අපේක්ෂාව වන්නේ සමාජ වීප්ලවයකි. රටේ ජනතාව “ක්රම වෙනසක්” බලාපොරොත්තුවෙන් සිටිති. වෙනත් වචන වලින් කියතොත් නව “උපතක්” අපේක්ෂාවෙන් සිටිති. එබැවින් මේ අවදිය අප රටට අති විශේෂයි. ඒ නිසා සැම පුරවැසියෙක්ම තමන්ට පැවරෙන වගකීම තේරුම්ගෙන ජීවත්විය යුතු කාලයකි. එබැවින්, එම වෙනස ඇතිකිරීමට දේශපාලන පක්ෂ, විවිධ දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන් විවිධාකාරයෙන් දැනටම දායක වෙමින් සිටිති.
චින්තන විප්ලවයක්
විප්ලවයක් සාර්ථක වන්නට නම් පළමුව විය යුත්තේ අදාල සමාජය තුල චින්තන එනම් සංකෘතික විප්ලවයක් ඇති කිරීමයි. 15 සියවසේ යුරෝපයේ ඇතිවූ විප්ලවයට බොහෝ සේ බලපෑවේ එකල සිදුවූ සංස්කෘතික වීප්ලවය බව මම අසා ඇත්තෙමි.
අප රටේ වූවද 1956 දී එවැනි චින්තන විප්ලවයක් ඇති වූවද එය එතරම් සාර්ථක නොවීය. රටේ සියලු ජන කොටස්වල එකමුතුකමට වඩා ආගම්කයන් සහ ජාතීන් අතර බෙදීම් ඇතිවීමට එය හේතු විය.
බලය හා චින්තනය
එවැනි “ක්රම වෙනසක්” ඇති වීමට නම් අවශ්යවන්නේ ජන සමාජය තුල සංස්කෘතික වෙනසකි. අද ජන ජීවිතය පාලනය වන්නේ පාලකයාගේ චින්තනයට අනුකූලවය. ජනතාවට තමන්ගේ කියා ස්වාධීන චින්තනයක් නොමැත. ඒ නිසා මනුෂ්යයා තීන්දු ගන්නේ තමන්ට ඕන විදියට නොව පාලකයාට අවශ්ය විදියටය. කෙනෙක් වීදී බැස “ක්රම වෙනසක්” ඉල්ලා කෑමොර ගැසුවද ඒ අය තුල පවා පාලකයාගේ චින්තනය සැගවී සිටිය හැකිය.
රට වැසියා පාලකයාගේ චින්තනයට ග්රහණය හසු කර ගැනීමට විවිධ මාර්ගයන් යොදා ගනිති. ජන මාධ්ය එයින් ප්රධාන එකකි. එලෙසම පාලකයා ආගම් ඉතා සුක්ෂමව යොදාගන්න බව පෙනේ. ජනතාව තුල පවතින බොහෝ ආගමික සංකල්ප තුල මනුෂ්යයාව නිදහස් කරන ධර්මය, එනම් ශාස්තෘවරයන්ගේ මුල් ඉගැන්වීම අද නැත. ජනතාව අතර පැතිරී ඇත්තේ මනුෂ්යයා වහල්කරන නුතන මිත්යාවන්ය. ආගමික චාරිත්ර, වත්පිළිවෙත් භක්ති අභ්භියාස මගින් සිදුවන්නේද පාලකයාගේ චින්තනය සමාජය තුල තහවුරු කරමින් පාලකයා ජන මානස තමන්ගේ ග්රහනයට හසු කර ගෙන මනුෂ්යාගේ චින්තන හැකියාව මොට කර ඔවුන් තුල යැපුම් මානසිකත්වයක් ඇතිකිරීමයි. ඒ ආකාරයට ජනතාවගේ අපේක්ෂාව වන සමාජ වෙනස ඇතිවීම වැළක්වීමට පාලකයා ආගමික සංස්ථා චින්තනය දායක කර ගන්නා බව කිව යුතුය.
ජන මාධ්ය හා ආගම පමණක් නොව සංවර්ධනය පිලිබඳ සංකල්ප ඒ සඳහා කෙරෙන ක්රියාකාරකම් හරහා පාලකයාගේ චින්තනය ජනතාව තුල තහවුරු කරයි.
එම නිසා “ක්රම වෙනසක්” ඇතිකිරීමේ දී සමාජය තුල චින්තන වෙනසක් ඇති නොකර එම ඉලක්කය කරා යා නොහැක. එම වෙනස ඇති කල හැක්කේ අධ්යාපන වැඩ පිළිවෙලක් සමගයි. ඒ සඳහා නුතන සන්නිවේදන මාධ්යයන්, කලාකරුවන්, යෝදා ගත හැක.
අධ්යාපණ වැඩපිළිවෙලක්
මෙහිදී නැගිය හැකි ප්රශ්ණයක් නම් සමාජ විප්ලවය සදහා වැඩ කරන බලවේග වලට එවැනි වැඩ පිළිවෙලක් තිබේද? අද ක්රියාත්මක රැඩිකල් දේශපාලන පක්ෂ හා සන්විධානවල පවා ක්රියාත්මක වන අධ්යයාපන වැඩපිළිවෙල එහි අන්තර්ගතය ගැන ප්රමාණාත්මකව හා ගුණාත්මකව සැහීමකට පත්විය හැකිද? ජනතාවගේ දනුවත් බව සදහා වේදිකාවල කෙරෙන දැනුවත් කිරීම් මොනවාද? ඒවායේ වෙනස්කම් ඇතිවිය යුතුද? පසුකරමින් යන මේ අවදිය ගැන සිතමින් ඉහත ප්රශ්න කිරීම් ප්රයෝජනවත් යයි මම සිතමි.
All reactions:
Ow Nuwan Niroshan, Nihal Kandanaarachchi and 16 others

 කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා එදා රාජපක්ෂ සමයේදී සමාජ වගකීම් පිලිබදව මොන අදහස් දරමින් සිටියද, අද වන විට එතුමා පැහැදිලි ස්ථාවරයන්ට පැමිණ ඇත. වර්තමාන සමාජ ජීවිතයේ කඩාවැටීම ගැන එතුමා දරන ස්ථාවරය ඉතාමත් යහපත් බව පිලිගත යුතු වේ.

එමෙන්ම, සමාජීය හා ආගමික බොහෝ නායකයින් හා උගතුන් නිහඩව ඉන්නා අවදියක කාදිනල් තුමා “පාලුකරයේ හඩක්” වීම විශේෂයෙන් අගය කල යුතු තත්වයකි.
එතුමා විවිධ අවස්ථාවලදී සිදුකර ඇති ප්රකාශයන්ගේ අඩංගු මූලික අදහස් කීපයක් මම මෙහි සදහන් කරන්නෙමි.
# “සිස්ටම් චේන්ජ්” නොමැතිව රට ඉදිරියට යා නොහැකිය.
# පොදු දේපල මංකොල්ලරුවන් හා හොරුන් දේශපාලනයෙන් ඉවත් කල යුතු අතර රට පාලනය වර්තමාන පාලකයින් වෙත පැවරිය නොහැක.
# වර්තමාන දේශපාලන නායකත්වය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිද වැටී ඇත. එපමණක් නොව වර්තමාන නායකත්වයට බලයේ සිටිමට සදාචාර අයිතියක් ද නොමැත.
# අද වන විට යුක්තිය අයුක්තියට පෙරලි ඇත. ප්රජාතත්රවාදය ඒකාධිපතිවාදයට පෙරලී ඇත. නීතිය අනීතියට පෙරලී ඇත.
# එම නිසා ජනතාවට තම අදහස් ප්රකාශ කිරීමට අවස්ථාවක් ලැබිය යුතුය. ඒ සදහා වහාම මැතිවරණයකට යා යුතුය.
වර්තමාන සමාජ අර්බූදයේ සියළුම තත්වයන් පිලිබඳව, උදාහරණ වශයෙන් ජාතික සමගිය හෝ වතුකර ජනතාවගේ පීඩණය ගැන හෝ නිශ්චිතව යමක් සදහන් නොකලත් ඒවාට විසදුම් සොයා යාමට අනිවාර්යෙන් ඉඩකඩ හැදෙන පාලන ක්රමයේ රැඩිකල් වෙනසක අවශ්යතාවය පෙන්නුම් කර ඇත.
එතුමා ඒ අදහස් සියල්ල ප්රකාශකර ඇත්තේ මනුෂ්යත්වයේ ගෞරවය රැකගැනීමේ වගකීම ඉටුකිරීමේ චේතනාවෙනි. ජනතා අපේක්ෂාවන් එහි අඩංගු වී ඇති බව පැහැදිලිය. තවද, ඒ අදහස් පදනම් වී ඇත්තේ ගැඹුරු ධාර්මීක වටිනාකම් මතය. සිහි බුද්ධියෙන් සිටින කිසිවෙකුට එම අදහස් සමග එකග නොවීමට නොපිලිවන. කිතූනුවන්ට පමණක් නොව සියලු ආගමිකයන්ට ඒවා අගය කිරීමටත් ඒ හා බැදී සිටීමටත් පිළිවන.
එසේනම්, දැන් අවශ්ය වන්නේ කාදිනල් තුමාගේ මෙම අදහස් පදනම් කරගෙන එම අගයන් දිනා ගැනීමට ජනතාවගේ පෙළගැසීමකි. සෑම ගමකම මේ අදහස් ඔස්සේ ජනතා කණ්ඩායම් ගොඩනැගිය හැක.
අනාගත පරපුරේ නාමයෙන් එම දිවැසි කාර්ය ඉටුකිරීමට කිතුනු පුජක, ගිහි පැවිදි ඉදිරියට පැමිණිය යුතු හෝරාවයි මේ.
මේ අදහස පිළිබඳව ඔබගේ අදහස් වැදගත් වනු ඇත.

 හෙල්ඩ කැමරා අග රදගුරු තුමා ගැන පසු ගිය දා මම FB එකට ලියු සටහනකට පනස් හතර දෙනෙකුගෙන් පමණ ලැබූ ධනාත්මක ප්රතිචාර ගැන මට සතුටු විය හැකියි. එම කෙටි සටහන මගින් දුන් පණිවුඩය ඔවුහු නිවැරදිව තේරුම් ගෙන එය අගය කර තිබුනා.

කොහොමටත් සමහර අයට හඳ පෙන්වු විට ඇගිල්ල දිහානෙ බලන්නෙ. ඒ නිසා වෙන්න ඕන, හතර දෙනෙක් පමණ එය ඍණාත්මකව කියවා තිබුන.
ඔවුන්ගේ එක් විවේචනයක් වුයේ හෙල්ඩා කැමරා රද ගුරු තුමා කොමියුනිස්ට් වාදියෙක් නොවන බවත් නමුත් එම පොස්ට් එක ලිවූ මම කොමියුනිස්ට් වාදියෙක් කියල. එම විවේචනයේ එක කරුණක් ගැන යමක් ලියන්න මම හිතුව.
කිතුනුවා කොමියුනිස්ට් වාදයට එරෙහිවන්නේ ඇයි. ඊට ප්රදාන හේතුව නම් කොමියුනිස්ට් වාදයේ පදනම භෞතිකවාදි වීමයි. ඒ අනුව සියල්ල තීන්දුවන්නේ භෞතික පදනම මතය යන අදහස නිසාවෙනි. භෞතික නොවන දේ මායාවක් පමණයි.
භෞතිකවාදය දෙවියන් ප්රතික්ෂේප කරයි. එබැවින් එම මතවාදය ගැලවීමට හානිකරයි. එම නිසා කොමිනියුස්ට් වාදය පිළිගත නොහැකියි. තවද, කොමිනියුස්ට් වාදීන්ගෙන් ජනතාව බේරා ගත යුතුයි.
අද වන විට කොමිනියුස්ට් වාදයට විකල්පය වන්නේ නව ලිබරල්වාදය. එහි විවිධ පැති අතර බහුභාන්ඩික වාදය ප්රධාන එකකි. එහි තේරුම පරිබෝජනය සදහා නිශ්පාදන කල යුතුය. දියුණුව වශයෙන් සැලකෙන්නේ වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කිරීම සහ අයිතිකර ගැනීමයි.
අසීමිත පරිබෝජනයත් භෞතික වාදයක්. එයත් ගැලවීමට බාධාවක්. නමුත් කොමුයුනිස්ට් වාදයට එරෙහි වන අය නව ලිබරල් වාදයේ භෞතිකවාදය ගැන නිහඩයි. ඒ ඇයි?

 යුක්තිය සොයන්නන්ට අයුක්තිය ඉදිරියේ නිහඩව සිටිය නොහැක. යුක්තිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි කෙනෙක් තමා CSR රොහාන් සිල්වා පියතුමා. අද එතුමාව දඩයම් කරන්නට සැරසෙන බවක් පෙනෙන්නට තිබේ.

පාස්කු ප්රහාරයට වගකිව යුත්තන් පිලිබදව එදා පාර්ලිමේන්තුව තුල නම් හෙළි කරපු අය අද ඇමති කම් ලබාගෙන නිහඩව සිටිති. පාස්කු ප්රහාරයට වගකිව යුත්තන්ව නීතිය ඉදිරියට ගෙන එම වලකමින් ඔවුන්ව ආරක්ෂා කරන පිළිවෙතක් වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.
මෙතෙක් රට කළවුන් ජාතිවාදය, ආගම්වාදය, හිංසනය, යුද්දය සහ මිනිස් ඝාතන බලය සදහා යොදා ගත්හ. පාස්කු දින ප්රහාරය ඇතුළුව රට තුල සිදු වූ සියලු ජන ඝාතන පිලිබදව සහ අතුරුදහන් කිරීම් පිළිබදව වැරදී කරුවන් නීතියේ රැහැනට ගෙන ආ යුතුව තිබුනද එම සිදුවීම් පිළිබද නිහඩ පිළිවෙතක් දිගින් දිගටම පාලකයන් විසින් අනුගමනය කලේ අපරාධ කරුවන් ආරක්ෂා කිරීමටය.
ඉහත පිළිවෙත මගින් දිගටම රට පාලනය කල නොහැකි බව පාලකයා දැන ගත යුතුය. යුක්තිය උදෙසා හඩ නගන රොහාන් සිල්වා පියතුමා වැන්නන් හා තම අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කරන්නන් මර්ධනය කරන පාලකයාගේ ආයුෂ දවසින් දවස අඩුවෙනු ඇත. ඔබ වැනි එකාධිපතියන් එලවා දැමීමටත්, අද පවතින පාලන ක්රමය අහෝසි කිරිමේ සටනටත් දවසින් දවස ජනතාව එක්වනු ඇත.
All reactions:
Anil Dharmapriya Liyanage, Sudarshana Biyanvila and 27 others