Thursday, August 31, 2023

 ජනතා අපේක්ෂාව

අද වනවිට ජනතා අපේක්ෂාව වන්නේ සමාජ වීප්ලවයකි. රටේ ජනතාව “ක්රම වෙනසක්” බලාපොරොත්තුවෙන් සිටිති. වෙනත් වචන වලින් කියතොත් නව “උපතක්” අපේක්ෂාවෙන් සිටිති. එබැවින් මේ අවදිය අප රටට අති විශේෂයි. ඒ නිසා සැම පුරවැසියෙක්ම තමන්ට පැවරෙන වගකීම තේරුම්ගෙන ජීවත්විය යුතු කාලයකි. එබැවින්, එම වෙනස ඇතිකිරීමට දේශපාලන පක්ෂ, විවිධ දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන් විවිධාකාරයෙන් දැනටම දායක වෙමින් සිටිති.
චින්තන විප්ලවයක්
විප්ලවයක් සාර්ථක වන්නට නම් පළමුව විය යුත්තේ අදාල සමාජය තුල චින්තන එනම් සංකෘතික විප්ලවයක් ඇති කිරීමයි. 15 සියවසේ යුරෝපයේ ඇතිවූ විප්ලවයට බොහෝ සේ බලපෑවේ එකල සිදුවූ සංස්කෘතික වීප්ලවය බව මම අසා ඇත්තෙමි.
අප රටේ වූවද 1956 දී එවැනි චින්තන විප්ලවයක් ඇති වූවද එය එතරම් සාර්ථක නොවීය. රටේ සියලු ජන කොටස්වල එකමුතුකමට වඩා ආගම්කයන් සහ ජාතීන් අතර බෙදීම් ඇතිවීමට එය හේතු විය.
බලය හා චින්තනය
එවැනි “ක්රම වෙනසක්” ඇති වීමට නම් අවශ්යවන්නේ ජන සමාජය තුල සංස්කෘතික වෙනසකි. අද ජන ජීවිතය පාලනය වන්නේ පාලකයාගේ චින්තනයට අනුකූලවය. ජනතාවට තමන්ගේ කියා ස්වාධීන චින්තනයක් නොමැත. ඒ නිසා මනුෂ්යයා තීන්දු ගන්නේ තමන්ට ඕන විදියට නොව පාලකයාට අවශ්ය විදියටය. කෙනෙක් වීදී බැස “ක්රම වෙනසක්” ඉල්ලා කෑමොර ගැසුවද ඒ අය තුල පවා පාලකයාගේ චින්තනය සැගවී සිටිය හැකිය.
රට වැසියා පාලකයාගේ චින්තනයට ග්රහණය හසු කර ගැනීමට විවිධ මාර්ගයන් යොදා ගනිති. ජන මාධ්ය එයින් ප්රධාන එකකි. එලෙසම පාලකයා ආගම් ඉතා සුක්ෂමව යොදාගන්න බව පෙනේ. ජනතාව තුල පවතින බොහෝ ආගමික සංකල්ප තුල මනුෂ්යයාව නිදහස් කරන ධර්මය, එනම් ශාස්තෘවරයන්ගේ මුල් ඉගැන්වීම අද නැත. ජනතාව අතර පැතිරී ඇත්තේ මනුෂ්යයා වහල්කරන නුතන මිත්යාවන්ය. ආගමික චාරිත්ර, වත්පිළිවෙත් භක්ති අභ්භියාස මගින් සිදුවන්නේද පාලකයාගේ චින්තනය සමාජය තුල තහවුරු කරමින් පාලකයා ජන මානස තමන්ගේ ග්රහනයට හසු කර ගෙන මනුෂ්යාගේ චින්තන හැකියාව මොට කර ඔවුන් තුල යැපුම් මානසිකත්වයක් ඇතිකිරීමයි. ඒ ආකාරයට ජනතාවගේ අපේක්ෂාව වන සමාජ වෙනස ඇතිවීම වැළක්වීමට පාලකයා ආගමික සංස්ථා චින්තනය දායක කර ගන්නා බව කිව යුතුය.
ජන මාධ්ය හා ආගම පමණක් නොව සංවර්ධනය පිලිබඳ සංකල්ප ඒ සඳහා කෙරෙන ක්රියාකාරකම් හරහා පාලකයාගේ චින්තනය ජනතාව තුල තහවුරු කරයි.
එම නිසා “ක්රම වෙනසක්” ඇතිකිරීමේ දී සමාජය තුල චින්තන වෙනසක් ඇති නොකර එම ඉලක්කය කරා යා නොහැක. එම වෙනස ඇති කල හැක්කේ අධ්යාපන වැඩ පිළිවෙලක් සමගයි. ඒ සඳහා නුතන සන්නිවේදන මාධ්යයන්, කලාකරුවන්, යෝදා ගත හැක.
අධ්යාපණ වැඩපිළිවෙලක්
මෙහිදී නැගිය හැකි ප්රශ්ණයක් නම් සමාජ විප්ලවය සදහා වැඩ කරන බලවේග වලට එවැනි වැඩ පිළිවෙලක් තිබේද? අද ක්රියාත්මක රැඩිකල් දේශපාලන පක්ෂ හා සන්විධානවල පවා ක්රියාත්මක වන අධ්යයාපන වැඩපිළිවෙල එහි අන්තර්ගතය ගැන ප්රමාණාත්මකව හා ගුණාත්මකව සැහීමකට පත්විය හැකිද? ජනතාවගේ දනුවත් බව සදහා වේදිකාවල කෙරෙන දැනුවත් කිරීම් මොනවාද? ඒවායේ වෙනස්කම් ඇතිවිය යුතුද? පසුකරමින් යන මේ අවදිය ගැන සිතමින් ඉහත ප්රශ්න කිරීම් ප්රයෝජනවත් යයි මම සිතමි.
All reactions:
Ow Nuwan Niroshan, Nihal Kandanaarachchi and 16 others

No comments: