Thursday, August 31, 2023

 කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා එදා රාජපක්ෂ සමයේදී සමාජ වගකීම් පිලිබදව මොන අදහස් දරමින් සිටියද, අද වන විට එතුමා පැහැදිලි ස්ථාවරයන්ට පැමිණ ඇත. වර්තමාන සමාජ ජීවිතයේ කඩාවැටීම ගැන එතුමා දරන ස්ථාවරය ඉතාමත් යහපත් බව පිලිගත යුතු වේ.

එමෙන්ම, සමාජීය හා ආගමික බොහෝ නායකයින් හා උගතුන් නිහඩව ඉන්නා අවදියක කාදිනල් තුමා “පාලුකරයේ හඩක්” වීම විශේෂයෙන් අගය කල යුතු තත්වයකි.
එතුමා විවිධ අවස්ථාවලදී සිදුකර ඇති ප්රකාශයන්ගේ අඩංගු මූලික අදහස් කීපයක් මම මෙහි සදහන් කරන්නෙමි.
# “සිස්ටම් චේන්ජ්” නොමැතිව රට ඉදිරියට යා නොහැකිය.
# පොදු දේපල මංකොල්ලරුවන් හා හොරුන් දේශපාලනයෙන් ඉවත් කල යුතු අතර රට පාලනය වර්තමාන පාලකයින් වෙත පැවරිය නොහැක.
# වර්තමාන දේශපාලන නායකත්වය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිද වැටී ඇත. එපමණක් නොව වර්තමාන නායකත්වයට බලයේ සිටිමට සදාචාර අයිතියක් ද නොමැත.
# අද වන විට යුක්තිය අයුක්තියට පෙරලි ඇත. ප්රජාතත්රවාදය ඒකාධිපතිවාදයට පෙරලී ඇත. නීතිය අනීතියට පෙරලී ඇත.
# එම නිසා ජනතාවට තම අදහස් ප්රකාශ කිරීමට අවස්ථාවක් ලැබිය යුතුය. ඒ සදහා වහාම මැතිවරණයකට යා යුතුය.
වර්තමාන සමාජ අර්බූදයේ සියළුම තත්වයන් පිලිබඳව, උදාහරණ වශයෙන් ජාතික සමගිය හෝ වතුකර ජනතාවගේ පීඩණය ගැන හෝ නිශ්චිතව යමක් සදහන් නොකලත් ඒවාට විසදුම් සොයා යාමට අනිවාර්යෙන් ඉඩකඩ හැදෙන පාලන ක්රමයේ රැඩිකල් වෙනසක අවශ්යතාවය පෙන්නුම් කර ඇත.
එතුමා ඒ අදහස් සියල්ල ප්රකාශකර ඇත්තේ මනුෂ්යත්වයේ ගෞරවය රැකගැනීමේ වගකීම ඉටුකිරීමේ චේතනාවෙනි. ජනතා අපේක්ෂාවන් එහි අඩංගු වී ඇති බව පැහැදිලිය. තවද, ඒ අදහස් පදනම් වී ඇත්තේ ගැඹුරු ධාර්මීක වටිනාකම් මතය. සිහි බුද්ධියෙන් සිටින කිසිවෙකුට එම අදහස් සමග එකග නොවීමට නොපිලිවන. කිතූනුවන්ට පමණක් නොව සියලු ආගමිකයන්ට ඒවා අගය කිරීමටත් ඒ හා බැදී සිටීමටත් පිළිවන.
එසේනම්, දැන් අවශ්ය වන්නේ කාදිනල් තුමාගේ මෙම අදහස් පදනම් කරගෙන එම අගයන් දිනා ගැනීමට ජනතාවගේ පෙළගැසීමකි. සෑම ගමකම මේ අදහස් ඔස්සේ ජනතා කණ්ඩායම් ගොඩනැගිය හැක.
අනාගත පරපුරේ නාමයෙන් එම දිවැසි කාර්ය ඉටුකිරීමට කිතුනු පුජක, ගිහි පැවිදි ඉදිරියට පැමිණිය යුතු හෝරාවයි මේ.
මේ අදහස පිළිබඳව ඔබගේ අදහස් වැදගත් වනු ඇත.

No comments: