ජනතාව කෙලෙසද සංවර්ධනයට මුහුණ දිය යුත්තේ?
v අද කෙරෙන සංවර්ධනය
දසක ගණනාවක් පුරා ජනතා අපේක්ෂාවන් ඉටු නොවුයේ පසුගිය ආණ්ඩු විසින් රට බංකොලොත් කල නිසාවෙනි. ඒ
නිසාම මාලිමා ආණ්ඩුවට අද රට යලි ගොඩ නැගීමේදී ණය බර සහ ජාත්තියාන්තර මුල්‍ය
ආයතනයන් වලට ලංකාව කාලයක් පුරා බැඳ තබා තිබීම සහ ඒ නිසාම රටේ ස්වාධීනත්වය සීමා වී
තිබීම වැනි අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුව ඇත.
වාර්තමාන ආණ්ඩුවට සිදුකරන්ට වෙන සංවර්ධනය
පවා මුලික වශයෙන් විදේශීය මුදල් මත යැපෙමින්, “ලාබය ප්‍රමුබ” කරගත් සහ “ආර්ථික
වර්ධනය” ප්‍රමුබ කර ගත් ක්‍රියාවළියකි. අද වනවිට අප රටේ ආර්ථික වර්ධනය ගැන ලෝක
බැංකුවේ පවා ප්‍රසාදයට ලක්ව ඇතත්, එම වර්ධනයේ ප්‍රතිලාබ ජනතාව වෙත ගලා එන්නේ, trickle
down වෙන්නේ ඉතාමත් අල්ප වශයෙනි.
ඊට උදාහරණ වන්නේ, ආයෝජන කලාපවල ශ්‍රමිකයන්ට
ජීවත්වීමට සරිලන වැටුපක් පවා නොලැබේ. සෞක්‍ය පහසුකම් සහ අධ්යාපන පහසුකම්
සීමාවෙමින් පවතී. තවද, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාධාරනව බෙදී නොයයි. ඇති නැති
පරතරයද වැඩි වේ.
තවද, එවන් සංවර්ධන ක්‍රියාවලියට ග්‍රාමීය
ප්‍රදේශ මග හැරෙමින් පවතින නිසා ග්‍රාමීය ජනතාවට සිදුවන්නේ රැකියා සොයා කටුනායක, බියගම,
වතුපිටිවල වැනි ආයෝජන කලාප කරා පැමිණීමටයි. මේ හේතුවෙන් බස්නාහිර පළාත තුල ජනගහන ඝනත්වය දිනෙන් දින
වැඩි වේ.
එසේ පැමිණෙන ජනතාවට රජයෙන් සැපයෙන
සේවාව ප්‍රමාණවත් නැත. මහජන සේවාවන් සදහා ඉල්ලුම වැඩි වූවත් ආණ්ඩුවට ඒවා සැපයීමට
හැකියාවක් ද නැත. අවශ්‍ය සේවාවන් වෙළද පොලෙන් මිලට ගැනීමට ජනතාවට සිදුවේ. ඒ සියල්ල
නිසා අඩු අදායම් ලාභීන්ට විශාල බරක් ඉසිලීමට සිදුව ඇත.
v
සමාජ බලපෑම.
සිදුවෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලිය
අඩු අදායම් ලාභී ජනතාව කෙරෙහි ඇතිකරන සමාජ බලපෑම තේරුම් ගන්නට ගම්පහ දිස්ත්රික්කයේ “වාසස්ථාන ප්‍රශ්ණය”
හොද උදාහරණයකි. එබැවින් එම ප්‍රශ්නය පිලිබදව දීර්ඝ විස්තරයක් මෙහි සටහන් කරමි.
ආයෝජනා කලාපවලට පැමිණ ඇති දහස්
ගණන් ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් රාජ්‍ය වැඩ පිළිවෙලක් නැත. ඔවුන් වෙනුවෙන්
වගකිව යුත්තෙක් නැත. ගංවතුර සමයේදී රජයේ සහනාධාර ශ්‍රමිකයන්ට නොලැබේ. ඒවා ලැබෙන්නේ
බොඩිං කාමර හා නිවෙස් අයිතිකරුවන්ට පමණය.
දසක ගණනාවක් පුරා මෙහි රැකියාවල
නිරතව සිටි අයට තමන්ගේ ගම් පළාත් දැන් ඔවුන්ට අහිමිය. විශේෂයෙන් වතුකරයෙන් පැමිණ
සිටින තරුණ පිරිසට මෙම තත්වය බරපතල ලෙස බලපායි. එලෙස නගර කරා පැමිණෙන එම ජනතාව මුහුණ
දෙන විවිධ දුෂ්කරතා අතර ප්‍රධාන එකක් වන්නේ වාසස්ථාන පහසුකම් නොමැතිකමය. ග්‍රාමීය
ප්‍රදේශවලින් රැකියා සොයමින් පැමිණෙන තරුණ තරුණියන්ට ජීවත්වන්නට සිදුවන්නේ
කාමරවලය. ඒවා පහසුකම් අතින් කිසිම ප්‍රමිතියකට යටත්ව ඉදිවූවා නොවේ. ජලය, වාතය, සනීපාරක්ෂක
පහසුකම් ඒවාට නොමැත. අවුරුදු තිහ හතලිහ මෙහි රැකියා කල සමහරු පවුල් ජීවත ගෙන යන්නේ
එවන් කාමර වලය. සමහරු
එක කාමරයක පස් හය දෙනෙක් ජීවත් වේ.
ගම්පහ දිස්ත්රික්කය තුල මෙම තත්වය 1980 වේ සිට පවතී. එම තත්වය ක්‍රම ක්‍රමයෙන් නරක අතට පත්වෙමින් පවතී. වත්තල වැනි ප්‍රදේශ තුල වගුරු බිම් ගොඩ කර තම නිවාස තනාගත් අය ගංවතුර කාලයේදී ඇති දුෂ්කර ජීවිතයක් ගෙනයති. දීර්ඝ කාලයක් පුරා එහි ජීවත්වුවද තවම ඔවුන්ට එහි අයිතිය ලැබී නැත.
අවුරුදු
30-40 කාලයක් පුරා කුලී නිවෙස්වල ජීවත් වූ අයගේ ජීවිත අත්දැකීම් ඉතා අමිහිරිය. ඔව්හු දැඩි ආර්ථීක පීඩාවට ලක්ව ඇත. සමහර නිවෙස්වල එක
ගෙදර පවුල් කිහිපයක් ජීවත් වේ. එවිට ඔවුන්ට පුද්ගලිකත්වය නැතිවේ. දරුවන්ට සනීපාරක්ෂක
පහසුකම් නොමැත.
තවද, වසර
ගණනාවක් කුලී නිවාස වල පීඩා විඳින පවුල් වසරින් වසර ගෙවල් මාරු කිරීමට සිදුවන නිසා
ස්ථීර ලිපිනයක් නොමැති බැවින් දරුවන්ව පාසල්වලට ඇතුල් කර ගැනීමේදී බරපතල ප්‍රශ්න
මතුව ඇත. සමහර අවස්ථා වලදී මංගල හෝ අවමංගල්‍ය උත්සවයක් ගන්න, කුලී
නිවෙස් හිමිවරු ඉඩ නොදේ. තවද, ස්ථීර ලිපිනයක් හෝ පදිංචියක් නොමැති නිසා රැකියාවන් පවා
අස්ථාවර තත්වයන්ට පත් වේ. සමෘද්ධි සහනාධාර ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ නොලැබේ. “පිටගම්කාරයෝ”
යන අවමානයට ඔවුන් ලක්වේ.
නියමිත දිනයේදී
නිවාස කුලී නොදුන්නොත් අයිති කරුවන් ගෙදරින් පිටමං වෙන්න බල කරනවා. එ් නිසා වෙලා
කන්න නැතත් කුලී ගෙවන්න වෙනවා. එයින් දරුවන්ට නිසි පෝෂණය නැහැ. එම නිසා පවුලේ අහාර
සුරක්ෂිතතාවය ඉතා අඩු මට්ටමක පවතී. පාසල් උපකරණ පවා මිලදී ගන්න අපහසු වනවා.
3
වාසස්ථාන අයිතිය සහ රජයේ
වගකීම.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අංක 1 සහ 25 වගන්ති අනුව සහ වෙනත් විවිධ ප්‍රඥප්තීන් ගණනාවකට අනුව වාසස්ථාන අයිතියක් ලෙස පිළිගෙන ඇත. 25 වන වගන්තියට අනුව වාසස්ථාන අයිතිය පිළිගත හැකි ජීවන තත්වයක් ඇතිව ජීවත්වීමට ඇති අයිතියකි. එම වගන්තිය පවසන්නේ, හැම කෙනෙකුටම එම අයිතිය ඇති බවය. සෞක්‍ය, තමන්ට හා පවුලේ සියල්ලන්ට යහපත් පැවැත්මක්, ආහාර, ඇදුම්, නිවාස, සෞක්‍ය පහසුකම් සහ අනිකුත් සමාජ සේවාවන් තිබිය යුතුය. තවද, ආර්ථීක, සමාජ හා සංස්කෘතික ප්‍රඥප්තියේ 11 (1) වගන්තිය පවසන්නේ සියලු දෙනාට ජීවත්වීමට සරිලන වාතාවරනයක් එනම් අහාර, ඇදුම්, නිවාස සහ දිගින් දිගට සහ වඩා වඩා යහපත්වන වාතාවරණයක් තිබිය යුතුය.
වාසස්ථානයකට ඇති මුලික අයිතිය කඩවූ විට පුද්ගලික භාවය, සෞක්‍ය, පරිසර අයිතිය, අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව, ආරක්ෂාව, මිනිස් ගවුරවය, ජීවිත අයිතිය, සමාජ පිළිගැනීම වැනි වෙනත් අයිතීන් ගණනාවක් ඒ සමග අහිමි වේ. අයිතිය එසේ වුවත්, දස දහස් ගණනක් වාසස්ථාන අහිමිව දුක්විදින ජනතාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, කටාන, ජා ඇල වත්තල, අත්තනගල්ල ආදී ප්‍රදේශ තුල හමුවිය හැකිය.
ප්‍රධාන සංවර්ධන මාදිලිය තුල ආණ්ඩුව විසින් කෙරෙන සුබ සාධනය අවමකර ඇත. සේවාවන් සැපයීමට මුදල් වෙන්කිරීම සීමාකර ඇත. රාජ්‍ය වියදම් අඩුකිරීමට සිදුව ඇත. සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවුවත් මනුෂ්‍ය ගෞරවය රැකෙන සහ සම්පුර්ණ ජීවිතයක් ගෙන යාමට හැකිවන ආකාරයේ එනම් පාසැල්, සෞක්‍ය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සහිත වාසස්ථාන දුගීයන්ට සැපයීම රජය බාර ගත යුතු බව ජාත්‍යාන්තර ආයතන පවසා ඇත. නමුත්, ජනතාවට සිදුව ඇත්තේ වාසස්ථාන වැනි දේ මිල දී ගැනීමටය.
ඉහත දක්වා ඇති කරුණු අනුව අපි තේරුම් ගත යුත්තේ, පවතින සංවර්ධන ක්‍රියාවලිය තුල ආර්ථීක වර්ධනයක් පැවතියද එහි ප්‍රතිලාභ නොලබන නිසා විශාල ජනකොටසක් දැරිය නොහැකි පීඩාවට ලක්වන බවයි. එම ජනතාවට සංවර්ධනය නිසා ඇතිවන සියලු පීඩාවන්ට මුහුණ දීමට නම් ජනතාව තමන් වෙත විශාල වගකීමක් පවරා ගත යුතුව ඇත. වාසස්ථාන ප්‍රශ්නයෙදී සිදුවන්නේ ද එයයි.
5.
මාලිමා ආණ්ඩුව.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන
ප්‍රතිඵත්ති ප්‍රකාශය තුල ආණ්ඩුවේ නිවාස ප්‍රතිඵත්තිය වන්නේ “සුව පහසු නිවසක් සහ
සනීපාරක්ෂක ජීවිතයක් සෑම පුද්ගලයෙකුටම” ලබා දීමයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ප්‍රායෝගික
විසදුම් කීපයක් යෝජනා වී තිබේ. මහල් නිවාස සංකීර්ණ ඉඳිකිරීම, ඉඩම් අයිතිය පිලිබඳ
ගැටළු විසදීමට නීති සංශෝධනයන් ගෙන ඒම, නිවාස ණය ක්‍රමයක් ආදිය යෝජනා වී තිබෙනවා. එම
ප්‍රකාශය සදහන් කරන්නේ මාලිමා ආණ්ඩුව මෙම ප්‍රශ්ණයට සංවේදී බවයි. ඒ තුල ජනතාවගේ නිවාස
ප්‍රශ්නයට විසදුමක් දකින්නට ලැබීම සතුටකි. එම යෝජනා අනුව අඩු ආදායම් ලාභී ජනතාවට
අලුත් බලාපොරොත්තුවක් ගෙන දේ.
කෙසේ වෙතත් පසුගිය කාලයේ වාසස්ථාන
ප්‍රශ්නයට පිළිතුරක් සොයා යමින් සිටි ජනතාවට බලධාරීන්ට එරෙහි චෝදනාවක් ඇත. එදා
බලධාරීන් ජනතාවට දී ඇති ප්‍රතිචාරය වුයේ “රජයට ඉඩම් තිබුනද ඔබට දීමට ඉඩම් නොමැති
බවයි”. ජනතාවට දීමට ඉඩම් නොමති වුවත් ව්‍යයාපාරිකයන්ට ඉඩම් ඉතා පහසුවෙන් ලබාගත හැකි
බව එයින් කියවේ. මාලිමා ආණ්ඩුව එම ප්‍රතිඵත්තිය පරාජය කර සම්පත් බෙදා දීමේදී
දුප්පතුන්ට ප්‍රමුබතාවය දිය යුතු වේ.
7.
ජනතාවගේ
වගකීම.
ජනතා ක්‍රියාකාරිත්වයක්
ගොඩ නගා නොගෙන නුතන සංවර්ධන ක්‍රියාවලිය විසින්
ඇතිකරන වාසස්ථාන ප්‍රශ්නය හෝ වෙනත් ජනතා ප්‍රශ්ණ වලට මුහුණ දීය නොහැක. ජනතාව තම ප්‍රශ්නය
ගැන නිද්‍රාශීලී වුවහොත් ප්‍රතිඵල සතුටු දායක නොවනු ඇත.
මහජන නියෝජිතයින් සහ අදාල ජන කණ්ඩායම් එක වේදිකාවකට පැමිණ සංවාදයක් ඇති කරගත ගත හොත් ජනතාවගේ අවශ්‍යතාවයන්, විසදුම්, ජනතාවගේ දායකත්වය,
ජනතාව රජයෙන් බලාපොරොත්තුවන දේ සහ රජයට දිය හැකි දේ හදුනාගත හැකි වනු ඇත. වාසස්තාන ප්‍රශ්නයේදී සෑම පවූලකටම අංග සම්පුර්ණ නිවසක් රජය විසින් සැපයීම
යතාර්ථවාදී නොවේ. එවිට ජනතා දායකත්වය අනිවාර්යෙන් අවශ්‍ය වේ. නමුත් ජනතාව
සතුව ඇත්තේ යැපෙන සුළු මානසිකත්වයකි.
වාසස්ථාන නොමැතිව දුක් විදින
ජනතාව මෙන්ම විවිධ පීඩාවලින් පෙලෙන ජනතාව බොහෝවිට
තම ප්‍රශ්නය තමන්ගේ වගකිව යුත්තන් දැනුවත් කරමින් සහ සංවාද කරමින් විසදුම් සෙවීමේ ක්‍රියාවලියක
ජීවත්වන්නට හුරු නැත. ඔවුන්ව හුරු කර ඇත්තේ “නිහඩ සංස්කෘතියකටය”. ඒ නිසා විවිධ
ආණ්ඩු බලයට ආවත් වාසස්ථාන ප්‍රශ්නය පමණක් නොව සියලුම ජනතා ප්‍රශ්නය එක තැන
පල්වෙමින් තියෙන බව පෙනේ. සංවර්ධනය විසින් ඇති කරන මොනයම් පීඩාවක්
වුවත් ජනතාව විසින් ආණ්ඩුවට යම් බලපෑමක් ඇති නොකළහොත් විසැදුම් නොලැබෙන බව සත්‍යයකි.
එබැවින් ජනතාවගේ පැත්තෙන් අදහස් කීපයක් තිබේ. මීගමුව, කටාන, ජාඇල සහ අත්තනගල්ල ආදී ප්‍රදේශ වල ප්‍රජාවගේ ප්‍රශ්නය විසදීමට නම් ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ රජයට අයිති ඉඩම් වලින් ඉඩම් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් වෙන්කළ යුතුව ඇත.
ආණ්ඩුව යෝජනා කරන “මහල් නිවාස” තුල ඉහත ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් නැත. නමුත්, ඉඩම් අයිතිය පිලිබඳ ගැටළු විසදීමට නීති සංශෝධනයන් ගෙන ඒමට යෝජනාවක් ඒ තුල ඇති නිසා එය ක්‍රියාවට නැංවීමට “දිස්ත්‍රික් මට්ටමේ තාක්ෂණික කමිටුවක්” පත් කිරීමට යෝජනා කරමු.
ඊට අමතරව “නිවාස සමුපකාර ක්‍රමයක්” යටතේ අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉදි කර ගැනීමට අවශ්‍යවන ගොඩනැගිලි ද්‍රව්‍ය පහසු මිලට ලබා ගත හැකිවන ආකාරයේ සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික අදහසකි.
No comments:
Post a Comment