Thursday, August 31, 2023

 යුක්තිය සොයන්නන්ට අයුක්තිය ඉදිරියේ නිහඩව සිටිය නොහැක. යුක්තිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි කෙනෙක් තමා CSR රොහාන් සිල්වා පියතුමා. අද එතුමාව දඩයම් කරන්නට සැරසෙන බවක් පෙනෙන්නට තිබේ.

පාස්කු ප්රහාරයට වගකිව යුත්තන් පිලිබදව එදා පාර්ලිමේන්තුව තුල නම් හෙළි කරපු අය අද ඇමති කම් ලබාගෙන නිහඩව සිටිති. පාස්කු ප්රහාරයට වගකිව යුත්තන්ව නීතිය ඉදිරියට ගෙන එම වලකමින් ඔවුන්ව ආරක්ෂා කරන පිළිවෙතක් වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.
මෙතෙක් රට කළවුන් ජාතිවාදය, ආගම්වාදය, හිංසනය, යුද්දය සහ මිනිස් ඝාතන බලය සදහා යොදා ගත්හ. පාස්කු දින ප්රහාරය ඇතුළුව රට තුල සිදු වූ සියලු ජන ඝාතන පිලිබදව සහ අතුරුදහන් කිරීම් පිළිබදව වැරදී කරුවන් නීතියේ රැහැනට ගෙන ආ යුතුව තිබුනද එම සිදුවීම් පිළිබද නිහඩ පිළිවෙතක් දිගින් දිගටම පාලකයන් විසින් අනුගමනය කලේ අපරාධ කරුවන් ආරක්ෂා කිරීමටය.
ඉහත පිළිවෙත මගින් දිගටම රට පාලනය කල නොහැකි බව පාලකයා දැන ගත යුතුය. යුක්තිය උදෙසා හඩ නගන රොහාන් සිල්වා පියතුමා වැන්නන් හා තම අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කරන්නන් මර්ධනය කරන පාලකයාගේ ආයුෂ දවසින් දවස අඩුවෙනු ඇත. ඔබ වැනි එකාධිපතියන් එලවා දැමීමටත්, අද පවතින පාලන ක්රමය අහෝසි කිරිමේ සටනටත් දවසින් දවස ජනතාව එක්වනු ඇත.
All reactions:
Anil Dharmapriya Liyanage, Sudarshana Biyanvila and 27 others

No comments: