Thursday, August 31, 2023

 හෙල්ඩ කැමරා අග රදගුරු තුමා ගැන පසු ගිය දා මම FB එකට ලියු සටහනකට පනස් හතර දෙනෙකුගෙන් පමණ ලැබූ ධනාත්මක ප්රතිචාර ගැන මට සතුටු විය හැකියි. එම කෙටි සටහන මගින් දුන් පණිවුඩය ඔවුහු නිවැරදිව තේරුම් ගෙන එය අගය කර තිබුනා.

කොහොමටත් සමහර අයට හඳ පෙන්වු විට ඇගිල්ල දිහානෙ බලන්නෙ. ඒ නිසා වෙන්න ඕන, හතර දෙනෙක් පමණ එය ඍණාත්මකව කියවා තිබුන.
ඔවුන්ගේ එක් විවේචනයක් වුයේ හෙල්ඩා කැමරා රද ගුරු තුමා කොමියුනිස්ට් වාදියෙක් නොවන බවත් නමුත් එම පොස්ට් එක ලිවූ මම කොමියුනිස්ට් වාදියෙක් කියල. එම විවේචනයේ එක කරුණක් ගැන යමක් ලියන්න මම හිතුව.
කිතුනුවා කොමියුනිස්ට් වාදයට එරෙහිවන්නේ ඇයි. ඊට ප්රදාන හේතුව නම් කොමියුනිස්ට් වාදයේ පදනම භෞතිකවාදි වීමයි. ඒ අනුව සියල්ල තීන්දුවන්නේ භෞතික පදනම මතය යන අදහස නිසාවෙනි. භෞතික නොවන දේ මායාවක් පමණයි.
භෞතිකවාදය දෙවියන් ප්රතික්ෂේප කරයි. එබැවින් එම මතවාදය ගැලවීමට හානිකරයි. එම නිසා කොමිනියුස්ට් වාදය පිළිගත නොහැකියි. තවද, කොමිනියුස්ට් වාදීන්ගෙන් ජනතාව බේරා ගත යුතුයි.
අද වන විට කොමිනියුස්ට් වාදයට විකල්පය වන්නේ නව ලිබරල්වාදය. එහි විවිධ පැති අතර බහුභාන්ඩික වාදය ප්රධාන එකකි. එහි තේරුම පරිබෝජනය සදහා නිශ්පාදන කල යුතුය. දියුණුව වශයෙන් සැලකෙන්නේ වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කිරීම සහ අයිතිකර ගැනීමයි.
අසීමිත පරිබෝජනයත් භෞතික වාදයක්. එයත් ගැලවීමට බාධාවක්. නමුත් කොමුයුනිස්ට් වාදයට එරෙහි වන අය නව ලිබරල් වාදයේ භෞතිකවාදය ගැන නිහඩයි. ඒ ඇයි?

No comments: